සීතාවක උරුමය පදනම සංවිධාන කරන සීතාවක අභිමන, අධ්‍යාපන, තාක්ෂණික, විද්‍යා හා පුරාවිද්‍යාත්මක ප‍්‍රදර්ශනය අද (10) සිට දින තුනක් පුරා අවිස්සාවේල්ල - කොස්ගම සුමේධ විද්‍යාලයේ පැවැත්වෙනවා. පෘතුගීසින්ට අන්ත පරාජයක් අත්කර දෙමින් අධිරාජ්‍ය විරෝධී අරගලයට එක්වූ ආසියාවේ ප‍්‍රථම රජු ලෙස ද සැලකෙන සීතාවක රාජසිංහ රජු අනුස්මරණය කිරීම ද මෙහි අරමුණක්. අද සිට 12 වැනිදා දක්වා පෙරවරු 8.30 ට සිට රාත‍්‍රී 9.00 දක්වා මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. එහිදී සීතාවක යුගයේ භාවිතා කාලතුවක්කු ඇතුළු අවිආයුධ ප‍්‍රදර්ශනය කෙරෙන අතර අංගම්පොර සටන් ශිල්පයේ ආදර්ශන ද පැවැත්වෙනු ඇති.
Join the forum, it's quick and easy